hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 3:17



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලා ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ සහෝදරයකු විසින් තමන්ට දිගින් දිගටම අපහාස කරමින් සිටින බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ කියා සිටියා.

මිහින්තලා විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය කැඳවමින් උන්වහන්සේ මෙම අදහස් පල කළා.

මේ අතර එම මාධ්‍ය හමුව සඳහා උන්වහන්සේ නෙලුම් පොහොට්ටු දෙකක් ද අතැතිව පැමිණීම විශේෂත්වයක් වුණා.

අදාළ පුද්ගලයා විසින් පවත්වාගෙන සමාජ ජාලා පිටු ඔස්සේ මෙම මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවද උන්වහන්සේ පැවසූවා.

තමන් වහන්සේ මරා දමන බවට බවටත් එසේ නොකරන්න නම් රුපියල් කෝටියක කප්පම් මුදලක් ගෙවන ලෙස තමනට දුරකථන ඇමතුම් මගින්ද දැනුම් දී ඇති බවත් උන්වහන්සේ තවදුරටත් එහිදී කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: