hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 3:56



ජංගම දුරකථනයක් මිල දී ගන්නේ නම්, අදාළ දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකතනයක් ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් පවසන්නේ, කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බව තහවුරු කරගත හැකි බවයි.

ඇය පවසන්නේ, ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15කින් යුතු IMEI අංකය 1909ට ඕනෑ ම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ යොමු කළ යුතු බවයි.

ඒ අනුව අදාළ IMEI අංකය සහිත දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකක් ද නැති ද යන්න තහවුරු කර ගත හැකි බවයි ඇය පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: