hit counter

2024 මැයි මස 22 වන බදාදා

2023 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:17



මුදල් වැඩි වශයෙන් අවභාවිතා වන්නේ තාක්ෂණික ප්‍රසම්පාදන තුලින් බවත් 2022 වර්ෂයේදි වෛද්‍ය සැපයුම් සදහා රුපියල් බිලියන 130ක් වැයකළේ නම් ඉන් රුපියල් බිලියන 40ක් වැඩිපුර වියදම් කොට ඇති බව අනාවරණය වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් හා ඒ ආශ්‍රිත කරුණු පිළිබදව ගැටළු විමර්ශනය කිරිම සදහා වු රජයේ ගිණුම් පිළිබද අනුකාරක සභා රැස්විමේ දි අනාවරණය වුණා.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක නොවිම නිසා රජයේ වියදම  බරපතල ලෙස වැඩිවිමක් දක්නට ඇති බවට ජාතික විගණන කාර්යාලය මගින් හදුනාගෙන ඇති බව මෙහිදි  විගණන නිලධාරිහු සදහන් කළා.

අනිකුත් කෂේත්‍රවලට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ප්‍රසම්පාදන කටයුතු සම්බන්දයෙන් තිබෙන අවදානම වැඩි බවත් වෛද්‍ය සැපයුම් පිළිබද බරපතල සැකකටයුතු බවක් සිදුකරණ ලැබු පරික්ෂණවලදි නිරික්ෂණය වි ඇති බව විගණන නිලධාරිහු පවසයි.

ඖෂධ සම්බන්දයෙන් සිදුවන දුෂණ හා වංචාවන් වැඩි බවත් වෛද්‍ය සැපයුම්වලදි විශ්වාස කිරිමට පවා නොහැකි ප්‍රසම්පාදන කටයුතු සිදුවි ඇති බව පෙන්වා දුන් විගණන නිලධාරිහු ඇතැම් ඖෂධ මිලදි ගෙන ඇත්තේ පවතින මිලට වඩා පස් ගුණයක පමණ වැඩිමිලකට බවද මෙහිදි සදහන් කළා.

රුපියල් 100ක මුදලකට මිලදි ගත හැකි  ඖෂධයක් රුපියල් 500ක මිලකට මිලදිගන්නා බව විගණන නිලධාරිහු මෙහිදි පැවසුවා.

2022 වර්ෂයේ රුපියල්  760 ක මුදලක් ගෙවා මිලදි ගනු ලැබු ඖෂධයක් රේගුව හරහා පරික්ෂා කිරිමේ දි එම ඖෂධයේ මිල රුපියල් 14ක් බව සදහන් කළ විගණන නිලධාරිහු  ප්‍රසම්පාදන ක්‍රියාවලිය පොත්පත්වල සදහන් කොට ලිපිගොනු සකස් කළද ප්‍රායෝගිකව සිදුවි ඇත්තේ වෙනස් දෙයක් බවද විගණන නිලධාරිහු මෙහිදි සදහන් කළා.

ප්‍රසම්පාදන කටයුතුවලදි නියම තරගකාරිත්වයක් සිදුනොවන බවත් අවම මිල,ගුණාත්මකභාවය, සැමට සාධාරණ  ලෙස තරගකිරිමේ අයිතිය ඇහිරි ඇති බව සදහන් කළ විගණන නිලධාරිහු ප්‍රසම්පාදන කටයුතු වලදි නිලධාරින් හා සැපයුම්කරුවන්  එකාබද්ධව සංවිධානය වි ඒම කටයුතු සදහා සම්බන්දවන බවද මෙහදි විගණන නිලධාරිහු පෙන්වා දුන්නා.

 ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසා රාජ්‍යතන්ත්‍රය වෙලාගෙන තිබෙන ව්‍යසනය වලක්වා ගැනිම සදහා වෙනස් විකල්ප ක්‍රමයක් පිළිබද සිතිමට සිදුවන බවද මෙහිදි විගණන නිලධාරිහු පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: