hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:02



අය වැය මගින් රාජ්‍ය සේවකයින්ට ලබා දෙන ලද රුපියල් දසදහසක මුදල ප්‍රමාණවත් නොවන බවත් තම වැටුප රුපියල් 20000දක්වා වැඩි කරන ලෙසටත් ,අධ්‍යාපනය විකිණීම නවත්වන ලෙසට හා ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙසට බලකරමින් හා ජනතාව වෙත රාජ්‍ය සේවකයින් වෙත පනවා ඇහි බදු ඉවත් කරමින් රාජ්‍ය සේවකයින්ට සහන සලසන ලෙසට බළ කරමින් පසුගියදා රාජ්‍ය සේවකයින් පසුගියදා විරෝදතාවක් පැවැත්වුවා.

එහිදි විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වෑටුප් වෑඩිවීමට සමගාමිව රාජ්‍ය ආදායමද වැඩි විය යුතු බව පසුගියදා ජනාධිපතිවරයා අය වැය කතාවේදි ප්‍රකාශ කළා.

කෙසේ වුවද ඉතාම වැදගත් කාරණය වන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය සේවක වැටුප් තවදුරටත් වැඩි කිරීමට හැකියාවක් ඇති බව වාර්තා වනවා.

මෙවන් තත්වයක රාජ්‍ය සේවක වැටුප් වැඩීවීම පිලිබදව ජනපති කළ ප්‍රකාශය ඇසීමත් භාග්‍යක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා සදහන් කළා.

මේ බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතාද ප්‍රකාශ කළා.

මෙම ක්‍රියාකලාපය ඔස්සේ පෞද්ගලික සේවකයන්ට වැටුප් වැඩීවීමක් අපේක්ෂා කළ හැකි බව එහිදි අනාවරණ කෙරුණා.

ඉදිරියේදි නැවතත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දිගින් දිගටම වැටුප් වැඩි කරන තුරු අඛන්ඩව සිදු කරන බව සමස්ථ ලංකා රාජ්‍ය සේවක වෘත්තීය සමිති පෙන්වා දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: