hit counter

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 03, පෙ.ව. 12:04



වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12ට  වඩා වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්  බදු ගෙවීම සඳහා වගකීමෙන් බැඳෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

කෙසේ නමුත්, පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව මුදල් අමාත්‍යාංශය කියයි.

බදු හඳුනාගැනීමේ අංකයක් (TIN number) ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බවද මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: