hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 05, පෙ.ව. 12:04



ජනාධිපති අරමුදල හරහා දැනට ගෙවන වෛද්‍යාධාර දීමනා 2024 ජනවාරි (01) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 50% සිට 100% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පියවර ගෙන ඇත.

2024 වර්ෂයේ සිට ජනාධිපති අරමුදල විසින් මහජනතාව වෙත සලසනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කරමින් කාර්යක්ෂමව ඉටුකිරීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීම අනුව පියවර ගෙන ඇති බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර සඳහන් කරයි.

මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනාගෙන එම රෝග සඳහා වෛද්‍යාධාර ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇති අතර අවුරුදු 21ට අඩු පිරිස් සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමටත් කටයුතු කරයි.

රෝගී ජනතාව වෛද්‍යාධාර ලබා ගැනීම සදහා නගරයට පැමිණිම අවම කිරීමට දිවයින පුරා රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කිරීමේ පහසු ක්‍රමවේදයක් මෙම 2024 වසරේ සිට ක්‍රියාත්මක කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: