hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 03, පෙ.ව. 12:02



රජය විසින් ලබාදෙන සහ‍නාධාරය ලැබිය යුතු සුදුසුම කණ්ඩායම තෝරාගැනීමේ ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සමීක්ෂණයක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි.

පසුගිය වසරේ මැයි මාසයේ සිට පළමුවර අස්වැසුම සඳහා අයදුම් කල ලක්ෂ 34ක ප්‍රමාණය පිළිබඳව සහ අලුතින් අයදුම්පත්‍ර යොමු කල ලක්ෂ 04ක ප්‍රමාණය ගැන සම්පූර්ණ සමීක්ෂණයක් සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමෙන් පසුව ලක්ෂ 04ක පමණ අයදුම්පත් ප්‍රමාණයක් ලැබෙනු ඇති බවත් අනතුරුව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 24ක් තෝරාගැනීමෙන් පසුව ඔවුන් පිළිබඳව පසුවිපරම් සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මේ අතර රුපියල තවදුරටත් ශක්තිමත් වීම තුළ එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමට අවශ්‍ය පසුබිම රට තුළ නිර්මාණය වෙමින් පවතින බවත් භාණ්ඩවල මිල ගණන් ස්ථාවර වෙමින් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ලබන සතියේ සිට තොග මිල ගණන් සම්බන්ධයෙන් ජනතාව වෙත සති පතා දැනුම්දීම සදහා තීන්දුවක් ගෙන තිබෙන බවත් අනතුරුව සිල්ලර මිල ගණන් පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාගත හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: