2024 මැයි 14, පෙ.ව. 12:02
මැයි මාසයේ සිට විශේෂ රාජකාරි දීමනාව දෙගුණ කර ලබාදෙන බව කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කරයි.
ආර්ථික අපහසුතා තිබුණත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද සේවාවේ විශිෂ්ඨත්වය අගයමින් නිළ ඇඳුම් දීමනාව වැඩි කිරීමට කටයුතු කර තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.
අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,
” ආර්ථික අපහසුතා මැද අප ගත කළ කාලය ක්‍රමානුකූලව වියැකෙමින් තිබෙනවා. 2024 වසරේදී ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයට වැටුප් වැඩිකිරීමක් සිදු කළා. ඉන් ඔබ්බට ගොස් ඔබ වෙනුවෙන් කොතරම් ආර්ථික අපහසුතා තිබුණත් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද සේවාවේ විශිෂ්ඨත්වය අගයමින් නිළ ඇඳුම් දීමනාව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.ඒ වගේම මැයි මාසයේ සිට ඔබේ විශේෂ රාජකාරි දීමනාව දෙගුණ කර ලැබෙන බව මේ අවස්ථාවේ දී සඳහන් කිරීමට කැමතියි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ එක් ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සේවය කරනවා. රටේ දේශපාලනඥයන්ට වගේම රාජ්‍ය සේවකයන්ටත් විවිධ චෝදනා එල්ල වන පරිසරයක ශ්‍රී ලංකාවේ හෙද සේවයට එවන් කිසිදු චෝදනාවක් එල්ල නොවන බව ඉතා ගෞරවයෙන් හා සතුටින් ප්‍රකාශ කරනවා. හෙද සේවාවේ විශිෂ්ඨත්වය එයයි.”
ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින් කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මේ බව සදහන් කරයි.
2025 අප්‍රේල් 23, ප.ව. 12:43
2025 අප්‍රේල් 23, පෙ.ව. 11:55
2025 අප්‍රේල් 23, පෙ.ව. 7:35
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:29
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:26
23-04-25
23-04-25
23-04-25
23-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
19-04-25
19-04-25