hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 19, පෙ.ව. 12:04



රාජ්‍ය සේවකයන්ගේ ගැටලු විසඳීමට ආණ්ඩුව කටයුතු නොකරන නිසා එයට විරෝධය දක්වා වෘත්තීය සමිති සියයක සහභාගිත්වයෙන් අද (19) කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සිදු කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස හා වෘත්තීය සමිති මර්දනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළ නවතා දමන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 8 වන දින හා 9 වන දින වැඩවර්ජනයක් සිදු කළ බවද එම සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළා.

අදාළ ඉල්ලීම් ලබා දෙනවා වෙනුවට වැඩ වර්ජනයට සම්බන්ධ නොවූ පිරිස්වලට වරදාන වරප්‍රසාද ලබා දීමට ආණ්ඩුව උත්සාහ ගත් බවත් අදාළ උත්සාහයන් මේ වන විට ආණ්ඩුව හකුලා ගෙන තිබෙන බවද පැවසුවා.

පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවයේ කණ්ඩායම් කිහිපයකට දීමනා ලබා දීමට හා වැටුප් ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කළ බවත් මේ අනුව අනෙකුත් රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩි වීමක් ලබා දිය යුතු බවද සඳහන් කළා.

අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් ඉදිරියේදිත් වැඩ වර්ජන ක්‍රියාමාර්ග හා විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් විරෝධතා ව්‍යාපාරවල පළමු ක්‍රියාමාර්ගය ලෙස හෙට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සියයක් ඒකාබද්ධ වී කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බවද පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: