hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 අගෝස්‍තු 31, පෙ.ව. 12:04



භාණ්ඩාගාරයේ එකගතාවයකින් තොරව  ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සදහා ඉකුත් වර්ෂය තුල (2023) දිරිදිමනා වශයෙන් රුපියල් විසිකෝටි, අසුහත්ලක්ෂ, අනුදෙදහස්, නමසියහැත්තෑහතරක මුදලක් (208,792,974)  ගෙවා ඇති බැව්  ජාතික විගණන කාර්යාලය පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දිරිදිමනා ක්‍රමය ශංශෝධනය කරමින් 2012 සැප්තැම්බර් මස 05 වැනිදින  රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෙත මේ සම්බන්දයෙන් ලිපියක් නිකුත්කොට තිබුණි.

මේ සදහා  භාණ්ඩාගාරයේ එකගතාවය ලබාගත යුතු වුවද භාණ්ඩාගාරයේ එකගතාවය ලබාගත් බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් කොට නොතිබුණි.

සංශෝධිත දිරිදිමනා ක්‍රමයේ කොන්දේසි ඇතුලත් කරමින් ගෙවිම් ක්‍රමවේදය පිළිබද උපදෙස් ඇතුලත් කර දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කළ යුතු වුවද  එවැනි උපදෙස් අඩංගු චක්‍ර ලේඛයක් විගණනයට ඉදිරිපත් කොට නොතිබුණි.

එමෙන්ම දිරිදිමනා ක්‍රමය වාර්ෂිකව සමාලෝචනය කර නොතිබුණි.

දිරි දිමනා ලබා ගැනිමට ඉලක්කගත සිමාවන්  හදුන්වා දි තිබුණද දිරි දිමනා ගණනය කිරිමේ දි ඒ පිළිබද අවධානය යොමුකොට නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: