hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 22, ප.ව. 1:16



යාපනය චාවකච්චේරි, මණ්ඩුවිල් ප්‍රදේශයේ කසල ගොඩක තිබූ රුපියල් ලක්ෂ 15 කට ආසන්න පවුම් 8 කට වැඩි රන් ආභරණ තොගයක් නැවත හිමිකරුටම ලබා දීමට චාවකච්චේරි නගරසභා සේවකයින් පිරිසක් විසින් පියවර ගෙන තිබෙනවා.

මණ්ඩුවිල් ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිට තිබූ කසල ගොඩක් ඊයේ (21) දින ඉවත් කරමින් සිටියදී එහි රෙදිවලින් ඔතන ලද පාර්සලයක් තිබී එය පරික්ෂා කිරීමේදී මෙම රන් ආභරණ නගරසභා සේවකයින්ට හමු වී තිබෙනවා.

පසුව ඒ පිළිබඳව අසල නිවෙස් කිහිපයකට දැනුම්  දීමට නගරසභා සේවකයින් පියවර ගත් අතර පසුව අද (22) දින අදාල රත්තරන් වල හිමිකරු පැමිණීමෙන් පසුව ඔහුට රන් ආභරණ ලබා දීමට නගරසභා සේවකයින් පිරිස පියවර ගෙන ඇත.       

අදාල රන් ආභරණ මෙලෙස කසල ගොඩට යාමට හේතුව වශයෙන් එහි හිමිකරු පවසා ඇත්තේ යාපනයේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සොර කල්ලිවලින් රන් ආභරන ආරක්ෂා කිරීම සඳහා රත්තරන් රෙදි පොදියක බහා නිවසේ මුල්ලක දමා තිබියදී ඥාතියෙකු විසින් එය පරන රෙදි යැයි සිතා කසල ගොඩට විසිකොට ඇති බවටයි.

කෙසේ වෙතත් රන්ආබරන හිමිකරු විසින් නැවත රණ් ආභරන ලබාදුන් නගරසභා සේවකයින් හට ප්‍රසංශා කොට රන් ආභරණ රැගෙන යාමට පියවර ගෙන ඇත.