hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 අප්‍රේල් 13, ප.ව. 2:13



මෙවර අවුරුදු නැකැත් සම්බන්ධයෙන් මතුවී ඇති මත ගැටුම පිළිබඳ අවධානය යොමුකරමින් ඒ හා අදාළ වන බෞද්ධ ඉගැන්වීම පිළිබඳ ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අදහස් දක්වා තිබෙනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ, බුද්ධ දර්ශනය තුළ නැකැත් චාරිත්‍ර සඳහා ප්‍රධානත්වයක් හිමි නොවන බවයි.

එහෙත් සාමුහිකත්වයට සහ කාලසටහනකට අනුව වැඩකිරීම බෞද්ධ දර්ශනයේ ප්‍රධානතම ඉගැන්වීමක් බවත්, ප්‍රායෝගිකත්වයට මුල් තැන දෙමින් ධර්මයේ පිහිටා අවිහිංසාවාදීව කටයුතු කරන්නේ නම්, සියලු කටයුතු සාර්ථක කරගත හැකි බවත් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙවර මධ්‍යම රාත්‍රියේ යෙදී ඇති අලුත් අවුරුදු ප්‍රධාන නැකත් වෙනුවට සකස් කළ විකල්ප නැකත් පත්‍රයද ජෝතිර්වේදීන් විසින්ම සකසා ඇති බැවින් තම අභිලාශය සහ පහසුව මත සුදුසු නැකත් පත්‍රයකට අනුව ජනතාවට කටයුතු කළ හැකි බවත්, වඩා ප්‍රයෝගික වන්නේ උදෑසනට ප්‍රධාන නැකැත් යෙදී ඇති නැකත් පත්‍රය භාවිතය බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දී තිබෙනවා.

කෙසේවුවත් බෞද්ධ ඉගැන්වීමට පුද්ගලයා කටයුතු කළ යුත්තේ නැකැත් මත නොව ධර්මයට අනුව බව ද උන්වහන්සේ සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: