hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24



ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුවන ආහාර නාස්තිය ‘ජාතික අපරාධයක්’ ලෙස හැඳින්විය හැකි බවත්, මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා මානවයා තුළ විශාල වෙනසක් ඇති විය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. 

උත්සව අවස්ථාවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් එක් වේලක් සඳහා බත් පිඟන් දෙකෝටි විසි ලක්ෂයක් පමණ බෙදා දෙනු ලබන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

එහිදී එක් අයෙකු තම බත් පිඟානෙන් බත් ඇටයත් ඉවත දැමුවහොත්, එමගින් 17000ක් වැනි පිරිසකක ආහාර දිය හැකි බවත් ඔහු සඳහන් කළේය‍.

මෙම ආහාර නාස්තිය නතර කිරීමට නම් මිනිසුන්ගේ ආකල්පමය වශයෙන් විශාල වෙනසකට භාජනය විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් එය රටේ අනාගතයට බලපාන බරපතළ හානියක් වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: