2026 අප්‍රේල් 28, ප.ව. 3:55
මුදල් අමාත්‍යාංශයේ සිදුව ඇති බව කියන ඩොලර් මිලියන 2.5ක මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පෙරාතුව ඒ පිළිබඳව ආයතන මට්ටමින් විමර්ශන ආරම්භ කර තිබූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (28) ප්‍රකාශ කළේය.
රජය මෙම කරුණු හිතාමතා වසන් කළේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ ආයතන මට්ටමින් සිදුවන මෙවැනි සියලු විමර්ශනයන් පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනගත යුතු නැති බවයි.
මුදල් අමාත්‍යාංශයේ සිදුවූ මෙම සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත්, අභ්‍යන්තර පරීක්ෂණ මෙන්ම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම් වැනි ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
යම් ආයතනයක දෝෂයක් හෝ අක්‍රමිකතාවක් සිදු වූ විට මුලින්ම ආයතන මට්ටමින් අවශ්‍ය නීතිමය හා විමර්ශන ක්‍රියාමාර්ග ගැනීම සාමාන්‍ය පටිපාටිය බව ඔහු පෙන්වා දුන්නේය.
තැපැල් දෙපාර්තමේන්තුවේ සිදුව ඇති තවත් මූල්‍ය ගැටලුවක් පිළිබඳවද මෙහිදී අමාත්‍යවරයා අනාවරණය කළේය.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු තැපැල් දෙපාර්තමේන්තුව වෙත ගෙවන ලද ඩොලර් ලක්ෂ හයක (600,000) මුදලක් එම ආයතනයට නොලැබීම සම්බන්ධයෙන් දැනට විමර්ශනයක් ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.
මෙවැනි කරුණු සම්බන්ධයෙන් අදාළ ආයතන මට්ටමින් පරීක්ෂණ පවත්වා එහි ප්‍රගතිය වාර්තා වන බවත්, සෑම පරීක්ෂණයක්ම කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොවන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
2026 මැයි 02, පෙ.ව. 12:32
2026 මැයි 02, පෙ.ව. 12:27
2026 මැයි 02, පෙ.ව. 12:26
2026 මැයි 02, පෙ.ව. 12:24
2026 මැයි 02, පෙ.ව. 12:18
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26