hit counter

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි 05, පෙ.ව. 12:06



වත්මන් රජය යටතේ කිසිම මාධ්‍යයකට අනිසි බලපෑම් සිදු නොවන බව ද මාධ්‍ය නිදහස උපරිම අයුරින් තහවුරු කිරීමට කටයුතු කර ඇති බව ද ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ලේක්හවුස් ඇකඩමිය 2025 වසර වෙනුවෙන් සංවිධාන කළ මාධ්‍ය පාඨමාලා හැදෑරූ සිසුන්ට ඩිප්ලෝමා හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මේ උත්සවයේදී මාධ්‍ය සන්නිවේදන (සිංහල මාධ්‍ය), මාධ්‍ය සන්නිවේදන (දෙමළ මාධ්‍ය), ඩිජිටල් මාධ්‍යවේදී හා රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් නිවේදන යන ඩිප්ලෝමා පාඨමාලා මෙන්ම ඡායාරූපකරණය පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලා සාර්ථක ලෙස හදාරා අවසන් කළ සිසුන් 79කට ඩිප්ලෝමා හා සහතිකපත්‍ර පිරිනැමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

“ලේක්හවුස් ඇතුළු සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතන මේ වනවිට ලාභ ලබන තත්ත්වයට පත්වී තිබෙනවා. ලේක්හවුස් ආයතනය යනු හුදෙක් පුවත්පත් ආයතනයක්ම පමණක් නොව, පුවත්පත් කලාවේ ඉහළම ස්ථානයක තිබෙන පත්තර කලාවේ මහගෙදරයි. අතීතය දෙස බැලීමේදී මේ වනවිට සමාජයට හානි නොවන ආකාරයට ඕනෑම දෙයක් ලිවීමේ නිදහස මාධ්‍යවේදීන්ට තිබෙනවා. ආරම්භ වී වැසී යන පුවත්පත් ආයතන මධ්‍යයේ දහසක් බාධක මැද වුවත් ලේක්හවුස් ආයතනය ඊට හිමි ස්ථානයේ රැඳී සිටිනවා. මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ලේක්හවුස් ආයතනය විසින් ඉටු කරන සේවය ඇගයීමටත් අද ඩිප්ලෝමා ලබන දරුවන්ට සුභ පතන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: