2024 දෙසැම්‍බර් 03, ප.ව. 6:19
ජාතික ජන බලවේග ආණ්ඩුවක් හැටියට රට තුළ ජාතිවාදයට නම් කිසිසේත් ඔලුව උස්සන්න දෙන්නේ නැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
ඒ සදහා දැනට තිබෙන පනත් ප්‍රමාණවත් නැත්තම් අලුත් පනත් ගෙනත් හරි රට තුළ ජාතිවාදය නතර කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ,
“අපි ජාතිවාදය ගැන හොදට අත්දැකීම් තිබෙන රටක් නේ. පහුගිය මැතිවරණයේදිත්, හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න අපට විරුද්ධව ජාතිවාදය, ආගමික අන්තවාදය මොන මොන ආකාරයට පාවිච්චි කිරීමට උත්සාහ කරාද කියලා.
දැන් මෙතන ඉන්න කාටවත් පසුගිය කාලයේ පන්සල් යන්න බැරි වුණාද.? පල්ලි යන්න බැරි වුණාද.? යාඥා කරන්න බැරි වුණාද.? කුරානය කියවන්න බැරි වුණාද.? ධම්ම පදය කියවන්න බැරි වුණාද.? කෝවිල් යන්න බැරි වුණාද.? කාටවත් ප්‍රශ්නයක් වෙලා නැනේ..
හැබැයි මැතිවරණ කාලේ දැනුවත්ව බොරු කිවුවා අපි ආවොත් එහෙම මොකුත් කරන්න බෑ කියලා.. දැන් ඔය ලස්සනට කරගෙන යන්නෙ ඒ ටික. එපමණක් නෙමෙයි.. මෙතනින් සමහර මන්ත්‍රීවරුන් කීව පෙරහැර කරගන්න බැරිවෙනවා අපි ආවොත් එහෙම..
පෙරහැර කරන්න දෙන්නෑ කීව. එහෙම කට්ටිය තමයි දැන් මේ ජාතිවාදය අවුස්සසමින් මේ රට විනාශ කරන්න හදන්නේ. ගරු කතානායකතුමනි අපි ආණ්ඩුවක් හැටියට ජාතිවාදයට නම් කිසිසේත් ඔලුව උස්සන්න දෙන්නේ නෑ. ඒකට මේ තියන පනත් ප්‍රමාණවත් නැත්තම් අලුත් පනත් ගෙනත් හරි ජාතිවාදය නතර කිරීමට අපි කටයුතු කරනවා.”
2025 ජනවාරි 07, පෙ.ව. 12:08
2025 ජනවාරි 07, පෙ.ව. 12:08
2025 ජනවාරි 07, පෙ.ව. 12:08
2025 ජනවාරි 07, පෙ.ව. 12:08
2025 ජනවාරි 07, පෙ.ව. 12:07
07-01-25
07-01-25
07-01-25
07-01-25
05-01-25
05-01-25
04-01-25
04-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
02-01-25
02-01-25