hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 16, ප.ව. 7:29



විපක්ෂනායකවරයාගේ ආරාධනය අනුව හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාව සදහා තමන් සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකදී ඊයේ (15) රාත්‍රියේ ඔවුන් ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, එහිදී විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එයට එකඟ වී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: