hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 08, පෙ.ව. 11:18



කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්වී තිබෙනවා.

අනු කමිටුවේ සභාපති ධූරය සඳහා නාමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් වන අතර එය ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අලි සබ්‍රි රහීම් මහතා විසින්.

එහිදී රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ සමාජික මන්ත්‍රීවරයන් විසින් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී, රාජ්‍ය පරිපාලනය නවීකරණය කිරීම, සෞඛ්‍යය ප්‍රතිපත්ති නවීකරණය, අධ්‍යපන ප්‍රතිපත්ති නවීකරණය, ධීවර හා ආහාර ප්‍රතිපත්ති නවීකරණය, විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති නවීකරණය, දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රතිපත්ති නවීකරණය කිරීමට සහ ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති නවිකරණය කිරීමට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනිම සඳහා  අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් අනු කමිටුව හමුවට කැඳවීමට සාමාජික මන්ත්‍රීවරයන් එකඟ වී තිබෙනවා.

එම අදහස් හා යෝජනා අනුව කෙටි කාලීන යෝජනා මසක් ඇතුළතත්, මධ්‍යමකාලීන යෝජනා දෙමසක් ඇතුළතත් දීර්ඝ කාලීන යෝජනා තුන් මසක් ඇතුළතත් ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමටත් අනු කමිටු සාමාජිකයෝ එකඟ වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: