hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 23, පෙ.ව. 10:08



ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණ කමිටුව යෝජනා කර තිබෙනවා.

ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම මෙමගින් යෝජනා කර ඇති බව එම අමාත්‍යංශ උසස් නිලධාරියෙක් පැවැසුවා.

ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව එම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.