2024 මාර්තු 21, ප.ව. 4:10
පසුගිය දිනවල රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙවර සිංහල දෙමළ නැකැත් අසුබ රට පුරා දැඩි ආන්දෝලනයකට තුඩු දෙනු ලැබුවා.
ඒ, සම්බන්ධයෙන් ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය චෝදනා එල්ල කළ අතර ඒ වෙනුවෙන් ඔවුන් හඬ නැගුවා.
කෙසේ වෙතත් ජාතික නැකත් කමිටුවෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ අතර ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අද (21) විකල්ප නැකැත් රටට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ, ඔවුන් ජාතික නැකැත් කමිටුව ලෙස සංවිධානයක් පිහිටුවා ගනිමින්.
ශක වර්ෂ 1946 හෙවත් ව්‍යවහාර වර්ෂ 2024 සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 12 වන කිවි දින ද , අභිනව සුර්ය වර්ෂය සඳහා මැයි මස 10 වන සිකුරාදා දින ද නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 11 වැනි බ්‍රහස්පතින්දා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපරභාග 09.05 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය / සංක්‍රාන්ති කාලය
සංක්‍රාන්ති කාලය නොහොත් නොනගතය වන්නේ අප්‍රේල් මස 13 වන දින දහවල් 2.41 සිට අප්‍රේල් 14 අළුයම 3.29 දක්වා වූ කාලයයි.
(සම්ප්‍රදාය අනුව මෙරටෙහි පුණ්‍යකාලය ලෙස මේ කියන කාලය මෙතෙක් භාවිතා කළද නාරද පුරාණ , මුහුර්ත චින්තාමණී මූලාශ්‍රගත සිද්ධාන්ත අනුව අප්‍රේල් මස 13 වන දින දහවල් 12.11 සිට සවස 6.19 තෙක් හිරුඅවරට යාම දක්වා වූ කාලය නිවැරදි පුණ්‍ය කාලයයි. එකී කාලය තුල ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍යක්‍රියා ආදියේ නිරතවනු මැනවි. යමෙකුට උපවාසයේ යෙදීමට වුවද අවැසි නම් ආධ්‍යාත්මික සුවයෙන් එකී කාරණාව කළ හැකිවේ.)
(සංක්‍රාන්තියේ පූර්ව කොටසටත් හසුවෙන පරිදි පුණ්‍ය කාලය තුළ සවස 4.16 සිට 6.19 දක්වා යෙදෙන අති විශේෂ මහා පුණ්‍යකාල කොටස තුළ ඉහත වත් පිළිවෙත් වැඩි වැඩියෙන් කර සංක්‍රාන්ති දෝෂ අවම කරවාගන්න)
අප්‍රේල් මස 13 වන දින දහවල් 2.41 සිට අප්‍රේල් 14 අළුයම 3.29 දක්වා සම්පූර්ණ නොනගතය තුළ කිසිදු ආහාරපානයක් නොගෙන සිටිය යුතුය කියා පැහැදිලි සෘෂි නියමයක් නැත්තේය. නිර්මාංශමය, පහසුවෙන් දිරවන කලින් සකස් කරන ලද කෙටි ආහාරයක් පහසු පරිදි ලබාගැනීමේ වරදක් නොමැත.
සංක්‍රාන්තිය රාත්‍රී කාලයේ නිසා සුබ නැකැත් සාධනය උදෙසා සෘෂි නියමය අනුව දෝෂ සහිත බැවින් සංක්‍රාන්තිය අවසන් වූ පසුව පසු දින සූර්‍ය උදාව සමඟ පහත පරිදි චාරිත්‍රානුකූලව සූර්‍ය මංගල්‍යය සමරනු ලැබේ.
ලිප ගිනි මෙළවීම
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පූර්ව භාග 6.17 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන්ද යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා ගිතෙල් හා තලමිශ්‍ර කැවිලිද කිරිබතක් ද පිළියෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම , ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පූර්වභාග 07.07 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වෙනි සඳුදා දින පූර්ව භාග 10.23 ට මුතු පැහැයට හුරු සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද , පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම.
අප්‍රේල් මස 17 වන බදාදා පූර්ව භාග 06.54 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යැම මැනවි.
(පැළ සිටුවීම අවුරුදු චාරිත්‍ර ගණයෙහිලා වැටෙන එකක් නොවෙන බැවින් ද පොදුවේ සියළු පැළ වර්ග සඳහා එක් පොදු නැකතක් ලබාදීමද ශාස්ත්‍රීයව කළ නොහැකි බැවින්ද එය මෙම සීට්ටුවට ඇතුල් කරනු නොලැබේ)
නානු සෑදීමට ගන්නා ඖෂධ
කළාඳුරු අල , කුංකුමප්පු, සුදු හඳුන්, විෂ්ණු ක්‍රාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරං මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල් ගැට, ඊතණ යන වර්ග 14 සමව ගෙන , තලා අලුත් මුට්ටියක දමා තම්බා පත අට දෙකට සිඳගන්න. ඉන්පසු ඉඹුල් පත් කොටා ඒවායේ යුෂ ද දෙහි ඇඹුල් ද , ඉහත සිඳගත් දියරයට දමා හොඳට මිශ්‍ර කොට පිරිසිදු රෙද්දකින් පෙරා ගන්න. එවිට ලැබෙන දියරය නානුය.
හිසතෙල් සඳහා තෙල් වර්ග
මෙලෙස සාදාගත් නානුද, තෙල් ද, (තල තෙල්, මී තෙල්, අබතෙල්, කොහොඹ තෙල්, සහ එඬරු තෙල්, යන පස් තෙල්ද) ගා ස්නානය කරනු මැනවි. ( හිසතෙල් ගෑමේ නානු හා තෙල් වට්ටෝරුව පැරණි පුස්කොළ පොතකින් උපුටා ගන්නා ලදී.)
(ඉහත කාල හෝරාවන් දිවාමාන රාත්‍රීමාන සළකා ගණනය කොට ඇත)
2025 මැයි 13, පෙ.ව. 12:17
2025 මැයි 13, පෙ.ව. 12:13
2025 මැයි 13, පෙ.ව. 12:13
2025 මැයි 13, පෙ.ව. 12:10
2025 මැයි 13, පෙ.ව. 12:09
14-04-25
14-04-25
14-04-25
14-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
12-04-25
12-04-25
31-03-25
31-03-25
19-04-24
19-04-24
18-04-24
18-04-24
17-04-24
17-04-24
17-04-24
17-04-24