hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 28, පෙ.ව. 12:04



සෑම වසරකම අලුත් අවුරුදු සමයේ නිවෙස් තුළ සිදුවන අනතුරු හා මාර්ගයේදී සිදුවන අනතුරු මෙන්ම ගිනිකෙළි අනතුරුද වැඩි වශයෙන් අසන්නට හා දක්නට ලැබෙයි.

විශේෂයෙන්ම අලුත් අවුරුදු දිනයේ සහ ඉන් පසු දිනයේ සිදුවන අනතුරුවල කැපී පෙනෙන වැඩි වීමක් දක්නට ලැබෙන අතර කුඩා දරුවන් හා තරුණයින් වැඩි වශයෙන් මෙම අනතුරු වලට මුහුණදෙන බව වෛද්‍යවරුන් සදහන් කරයි.

සෑම වසරකම අවුරුදු සමය යනු අනතුරු බහුල සමයක් වන අතර අවුරුදු ක්‍රීඩා සිදු කිරීමේදී, රිය පැදවීමේදී හා ගිනිකෙළි භාවිතයේදී තමන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවද වෛද්‍යවරුන් සදහන් කරයි.

සමීක්ෂණ දත්ත අනූව ගිනිකෙළි ද්‍රව්‍ය නිසා ඇතිවන අනතුරු අතරින් වඩාත්ම බහුල වන්නේ අත් ඇඟිලිවලට සිදුවන අනතුරු වන අතර එය 46%ක් පමණ වන බවත් අනතුරු තුවාල වලින් 17%ක් ඇස් වලටද තවත් 17%ක් මුහුණ හිස ඇතුළු ප්‍රදේශ ආශ්‍රිතවද සිදුවන බවද සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: