2024 අප්‍රේල් 15, පෙ.ව. 12:25
සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබෙනවා.
සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව ජෝතිෂ්‍යයේ දැක්වෙයි.
මෙවර හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය හැදල පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙයි.
මේ අතර අප්‍රේල් 18 වැනිදාට යෙදෙන පැල සිටුවීමේ නැකතට සමගාමීව මුරුංගා දිනයක් ප්‍රකාශයට පත් කර බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවා.
මුරුංගා ශාකයේ පවතින ඖෂධීය ගුණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් එම දිනය ප්‍රකාශයට පත් කළ පැවසුවා.
මේ අතර අලුත් අවුරුද්දේ රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් මස 17 වැනි බදාදා පූර්ව භාග 06.52 ට යෙදී තිබෙනවා.
කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම සුදුසු බව ජෝතිෂ්‍යයේ දැක්වෙයි.
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 11:24
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 9:31
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
25-08-26
25-08-26
29-04-26
29-04-26
23-04-26
23-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26
22-03-26
22-03-26