2026 අප්‍රේල් 20, පෙ.ව. 10:35
ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංඛ සේනාධිපති මහතා විසින් මෙරට තරුණ පරපුරේ යතුරුපැදි සිහිනය සැබෑ කරමින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව සිරස රූපවාහිනියේ පැවැති ‘ඔටෝවිෂන්’ වැඩසටහනේදී අනාවරණය විය.
ජපානයේ නිෂ්පාදිත යතුරුපැදිවල මිල අධික වීම හේතුවෙන් බොහෝ තරුණයින්ට ඒවා මිලදී ගැනීමට නොහැකි වී ඇති පසුබිමක, යුරෝපීය ප්‍රමිතියෙන් යුතු උසස් තත්ත්වයේ යතුරුපැදි ඉතා සහනදායී මිලකට මෙරටට හඳුන්වා දීමට ඔහු කටයුතු කර ඇත.
මෙම යතුරුපැදි සඳහා පවතින මූලික ගෙවීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ සේනාධිපති මහතා, රුපියල් 85,000ක මුදලක් ගෙවා යතුරුපැදියක් රැගෙන යාමට අවස්ථාව සලසා ඇති බවත්, තවද එය රුපියල් 25,000කින් අඩු කර සහන ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය.
විශේෂයෙන්ම, මෙරට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ නියුතු මෙන්ම විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් රුපියල් 3,000ක් වැනි සුළු මූලික ගෙවීමක් යටතේ යතුරුපැදියක් සිය නිවසට රැගෙන යාමේ සුවිශේෂී අවස්ථාවක් ලබා දීමට ඔහු තීරණය කර ඇත.
මෙම ව්‍යාපෘතියේ තවත් සුවිශේෂී අංගයක් වන්නේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ වුවද අවුරුදු හතරක් යනතුරු අමතර කොටස්වල මිල නොවෙනස්ව තබා ගැනීමට ඔහු ලබා දී ඇති සහතිකයයි.
සියලුම යතුරුපැදි සඳහා වසර හතරක පූර්ණ වගකීමක් හිමිවන අතර, අමතර කොටස් හිඟයකින් තොරව ලබා දීම සඳහා දැනටමත් රුපියල් ලක්ෂ 1400ක පමණ අමතර කොටස් තොගයක් මෙරටට ගෙන්වා ඇති බවද ඔහු අනාවරණය කළේය.
තවද, විශේෂ කාර්ය බලකායේ (STF) රාජකාරි කටයුතු සඳහා රුපියල් මිලියන 430ක් පමණ වටිනා සුපිරි යතුරුපැදි 50ක් නොමිලේ ලබා දීමටද සේනාධිපති මහතා පියවර ගෙන ඇත.
මෙම පැකේජය යටතේ ඉදිරි වසර 15ක කාලයක් සඳහා එම යතුරුපැදිවල නඩත්තු කටයුතු සියල්ල ඇවන්ගාඩ් සමාගම විසින් නොමිලේ සිදු කරනු ලබයි.
BMW සහ Mercedes වැනි ලෝකයේ ප්‍රකට සමාගම් පවා චීනය සමඟ එක්ව සිය නිෂ්පාදන සිදු කරන බැවින්, චීනයෙන් ගෙන්වන මෙම යතුරුපැදිවල ගුණාත්මකභාවය පිළිබඳව කිසිදු සැකයක් තබා නොගත යුතු බවත්, ඒවා ජාත්‍යන්තර රේස් තරඟ පවා ජයග්‍රහණය කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම යතුරුපැදි ව්‍යාපෘතිය ඉදිරියේදී නයිජීරියාව සහ අප්‍රිකානු රටවලටද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවත්, මෙය ලාභයම අරමුණු කරගත් ව්‍යාපාරයකට වඩා තාරුණ්‍යයේ හීන සැබෑ කරන මෙහෙවරක් බවත් නිශ්ශංඛ සේනාධිපති මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:11