hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 03, පෙ.ව. 12:53



රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට ආහාර සැපයීම ද ගැටලුවක් වී ඇතැයි වාර්තා වනවා.

ඒ ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම සහ ගෑස් අර්බුදය හේතුවෙන්.

කොළඹ ජාතික රෝහල, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්‍ෂා රෝහල, කළුබෝවිල ශික්‍ෂණ රෝහල ආදී ප්‍රධාන රෝහල මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය රෝහල් රැසක මෙම තත්වය මතුව ඇති බව සඳහන්.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වන රෝගීන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට ලබාදෙන ආහාර මාස හතරක පමණ කාලයක් තිස්සේ සීමා කර ඇතැයි වාර්තා වනවා.

රෝගීන්ට නිසි ආහාර වේලක් නෑ

මේ වන විට එළවළු වර්ග දෙකකින් පමණක් සමන්විත ආහාර වේලක් රෝගීන්ට ලබාදෙමින් ඇති අතර ඔවුන්ට අවශ්‍ය පෝෂණීය ආහාර ලබාදීමක් නොවන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

වට්ටක්කා, පරිප්පු, අල, අඹ, කැරට් ආදී වෑංජන දෙකක් මිස මාළු පෙත්තක් හෝ බිත්තරයක් ලබා දීම මෙන්ම මීට පෙර රෝගීන්ට ලබාදුන් පළතුරු, යෝගට් ආදී අතුරුපස ලබාදීම ද නවතා ඇතැයි වාර්තා වනවා.

දියවැඩියා සහ වකුගඩු රෝගවලින් පෙළෙන රෝගීන්ට නිසි ආහාර වේලක් ලබා නොදෙන අතර සෞඛ්‍ය සේවකයින්ට පොල් සම්බෝල, පිපිඤ්ඤා, අර්තාපල් සහ වට්ටක්කා ආදිය සමඟ බත් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

රෝගීන්ට ගෙදර කෑමත් නෑ

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇතත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පැවසුවා.

එමෙන්ම ඇතැම් රෝහල්වල ගැබිනි වාට්ටුවල සිටින මවුවරුන්ට ද මේ වන විට ලබාදෙන්නේ පොල් සම්බෝල, අල හොදි ආදිය වන අතර ධාන්‍ය වර්ග ආදිය ලබාදීම සිදු නොවන බවද වාර්තා වනවා.

මේ වන විට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ අපහසුතා හේතුවෙන් නිවසේ සිට දුර බැහැර රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට නිවෙස්වලින් ආහාර රැගෙනයාම ද ගැටලුවක් වී තිබෙනවා.

මේ හේතුවෙන් රෝහල්වලින් සපයන ආහාර ප්‍රමාණය රෝගීන්ට ලබාදීමට ප්‍රමාණවත් නොවන අවස්ථාද පවතින බව වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: