hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 15, පෙ.ව. 12:15



දේශීය ලොකු ළුෑණු වගාවට නැවත පනදී මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර හෙක්ටයාර් 2000ක් වගා කිරීම සඳහා ගොවීන් දැනුවත් කිරීමේ දෙදින වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (14)  දිනයේ දී ආරම්භ කළා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් දෙසිය පනහකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව අතමිට සරුවන ලොකු ළුෑණු වගාව මෙන්ම කලට කන්නට ලොකු ළුෑණු වගා ආරම්භ කරමු යන තේමාව යටතේට ගෙයින් ගෙට ගොස් ලොකු ළුෑණු වගාව අතහැර දැමු ගොවීන් දැනුවත් කොට නැවත වගාවට ඔවුන් යොමු කරවීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබිණි.

සීගිරිය රන්ගිරිගම ප්‍රදේශයේදී මෙම ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ අතර දඹුල්ල, සීගිරිය, ගලේවෙල නාවුල  ආදී ප්‍රදේශවල ගොවි පවුල් දෙදහස් පන්සීයක් පමණක්ම දැනුවත් කිරීම අරමුණ බව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.

පසුගිය වසර වලි ලොකු ළුෑණු වගාව සාර්ථක කරගෙන ආවද තම වගාවන්වලට නිෂ්පාදන වියදම අධික වීම ස්ථීර මිලක් නොමැති වීම කෘමි නාශක පොහොර සහ අනෙකුත් යෙදවුම් විශාල වශයෙන් මිල ඉහළ යෑම නිසා ගොවීන් සම්පූර්ණයෙන්ම ලොකු ළුෑණු වගාවෙන් ඉවත් වූ බව ගොවීන් පවසනවා.

ලොකු ළුෑණු වගා කල දඹුල්ලේ ගොවීන් කියා සිටියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් නොව සිදු කළ යුත්තේ වියදම් අඩුකර  තෙල් පොහොර බීජ සාධාරණ මිලකට ලබා දී වගා හානි වලදී රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී  ලොකු ළුෑණු කිලෝවකට රුපියල් දෙසියක ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් තමන් ඕනෑම මොහොතක ලොකු ළුෑණු වගා කිරීමට සැදී පැහැදී සිටින බවයි.

කෙසේවෙතත් මෙම වැඩසටහනේ දී මධ්‍යම පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.පි.කේ.දොඩංවල මහතා කියා සිටියේ පෙරදා ලොකු ළුෑණු ඉතා සාර්ථකව වගා කරගෙන පැමිණි බවයි.

විවිධ දේශපාලනය තීන්දු තීරණ අලෙවි ප්‍රශ්නය සහ අධික වියදම් මිල දේශගුණික ප්‍රශ්න රැසක් ලොකු ළුෑණු වගාව තුලින් ගොවින්  ඉවත්වීමට බලපෑම් එල්ල කළ බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් පියංකර හේරත් මහතා කියා සිටියේ ලොකු ළුෑණු වගාව නැවත ප්‍රවර්ධනය කිරීම සඳහාත් බීජ නිෂ්පාදනය කිරීම සඳහාත් රුපියල් මිලියන එකසිය පනහක් පමණ රජය වෙන් කර තිබෙන බවයි.

එක හෙක්ටයාර්යකට ලබාගත් ලොකු ළුෑණු අස්වැන්න දෙගුණ යක් වැඩි කරන  පරීක්ෂණ සිදුකොට ගොවින් ඒ සදහා දැනුවත් කරන බව ද පැවසුවා.

මේ වන විට දේශීය බීජය කිලෝ හත්දහසක් පමණ තිබෙන බවත් ඇතැම් විට හෙක්ටයාර් හාරදහසක් පමණ මෙවර ලොකු ළුෑණු වගාවක් අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: