hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 6:47



වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාවයෙන් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ 24%ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වෙනවා.

මෙම වර්ෂයේ (2022) මාර්තු මස 31 වැනි දින වන විට වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශිය කාර්යාල 07ට අයත් ගබඩා සංඛ්‍යාව 315ක්.

ඒවායේ ධාරිතාවය මෙට්‍රික්ටොන් 310,720ක්.

එහෙත් එම ගබඩාවල මෙට්‍රික්ටොන් 75,237ක ධාරිතාවයක් පමණක් භාවිතා කොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

එය සමස්ත ගබඩා ධාරිතාවයෙන් 24%ක්.

එමෙන්ම 2021/2022 මහ කන්නයේ දි වී තොග නොලැබීම හේතුවෙන් ගබඩා 87ක් හා අබලන් තත්වයේ පැවති ගබඩා 23ක් ප්‍රයෝජනයට නොගෙන තිබුණු බව වාර්තා වෙනවා.

2018 /2019 මහ කන්නයේ දී මුළු වී අස්වැන්නෙන් 10%ක වී මිලදී ගැනීම සදහා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා ධාරිතාවයක් පැවතුණා.

එහෙත් එම කන්නයේ දි මුළු වී අස්වැන්නේ මිලදී ගෙන තිබුණේ 1%ක් පමණයි.

ගබඩා ධාරිතාවයෙන් ප්‍රයෝජනයට ගෙන තිබුණේ  15%ක්.

වී අලෙවි මණ්ඩලය  සතු ගබඩා  දිර්ඝ කාලයක සිට ඌණ උපයෝජිතව පවතින බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද