hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 28, ප.ව. 12:07



අත්අඩංගුවට පත් වූ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමවලින් හඳුන්වා ගන්නා අපරාධ කල්ලි සාමාජිකයන් මෙරට රැගෙන ඒම සඳහා ඉන්දුනීසියානු බලධාරීන් සමඟ අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ ඒ අනුව, ඔවුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා, නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා දින 07 ක පමණ කාලයක් මෙරට නිළධාරීන් ඉන්දුනීසියාවේ රැඳී සිටිමින් මෙහෙයුමක් සිදු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: