2024 පෙබරවාරි 07, පෙ.ව. 12:02
පාර්ලිමේන්තුව( නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (07) 10.30ට උත්සවාකාරයෙන් විවෘත කෙරෙනවා.
පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව ඉතා අඩු වියදමින් මෙන්ම සරල සහ චාම් අයුරින් පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
මේ අනුව එම උත්සවයට ආචාර පෙළපාළි, ආචාර වෙඩි මුර, පෙර ගමන් රථ, ආරක්ෂක නිලධාරීන් එක පෙළට සීරුවෙන් සිටීම යනාදී විශේෂාංග කිසිවක් ඇතුළත් නොවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව පසුගිය මස 26 වැනිදා වාර අවසාන කරනු ලැබුවා.
ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පසු දින දක්වා කල් තැබෙනු ඇත..
ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දින දෙකක විවාදයක් අනිද්දා(8) සහ 9 වැනිදා පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් එම පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ඊයේ දිනයේ ක්‍රියාත්මක වෙනවා.
2026 ජූනි 01, පෙ.ව. 12:25
2026 ජූනි 01, පෙ.ව. 12:16
2026 ජූනි 01, පෙ.ව. 12:15
2026 ජූනි 01, පෙ.ව. 12:13
2026 ජූනි 01, පෙ.ව. 12:11
01-06-26
01-06-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26