hit counter

2026 ජූලි මස 21 වන අඟහරුවාදා

2025 මාර්තු 10, පෙ.ව. 12:23



අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනපති වී සිටින තාක් අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිදු හානියක් නොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, 2025 පළාත් පාලන මැතිවරණය සඳහා හෝමාගම මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම හා ප්‍රාදේශීය සභා අපේක්ෂක කණ්ඩායම හඳුන්වා දීම වෙනුවෙන් හෝමාගම පැවති රැස්වීමක් අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“වෙසක් කාඩ් එකක් ගැහුවා කියලා පියංකර ජයරත්න අල්ලලා තියෙනවා. මහ බැංකු හොරකමේ අර්ජුන මහේන්ද්‍රන් ගේනවා කිව්වට ගෙනාවේ නැහැ. දේශබන්දු අල්ලන්නේ නැහැ. ඔහු පිටිපස්සේ ටිරාන් අලස් ඉන්නවා. අනුර දිසානායක ටිරාන් අලස්ට අත තියන්නෙ නැහැ.

රනිල් වික්‍රමසිංහ වැනි අය විවේචනය කරමින් සිටිනවා වෙනුවට, අල් ජසීරා සිදුවීම වැනි දේ වලින් ප්‍රචාරක වාසිය ලබා ගන්නවා වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ පාර්ලිමේන්තුවේ නිසි පරිදි නීතිරීති සම්පාදනය කොට, චෝදනා කොට වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: