hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 20, පෙ.ව. 12:07



තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදුකර නොමැති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර මහතා සඳහන් කළේ, වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කරගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ය.

ඒ අනුව ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post ආදි නම් භාවිත කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ද උපක්‍රමිකව අවභාවිත කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කෙටි පණිවුඩ මඟින් කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදු නොකරයි.

එමෙන්ම, ණය කාඩ්පත් මඟින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක් ද සිදු නොකරයි.

මහජනතාව වෙත ලැබෙන කෙටි පණිවුඩයක් සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවුඩයක් මඟින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ලබාදීම සිදුනොකරන ලෙස ද තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් පහත සඳහන් දුරකථන අංක මඟින් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව – 1950 ‍

තොරතුරු තාක්ෂණ අංශය – 0112 542104 / 0112 334728 / 0112 335978 / 0112 687229 / 0112 330072





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: