hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 17, ප.ව. 12:38



ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත්ව තිබී වර්තමානයේ පියුමි හංසමාලි විසින් භාවිතා කරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මගෙන් රටට සංවිධානය විසින් අද නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණිල්ලක් සිදු කළා.

සංජය මහවත්ත මාධ්‍ය වෙත අදහස් පල කරමින් මෙසේ සඳහන් කළා.

“ඡන්දය ළඟ එනවා කියලා පේනවා. ඡන්දයක්ළඟ එනකොට දේශපාලකයන්ගේ හංගපු සල්ලි එළියට එනවා. පියුමි හංසමාලි සම්බන්ධයෙන් අපිට සැකයක් ඇවිත් තිබෙනවා. ගෝඨාභයගේ ජීප් රථය පියුමි හංසමාලි මිලදී ගත්තා හෝ ඒක පියුමි හංසමාලි ගෝඨාභය දුන්නා වෙන්න ඕන. ඒ නිසා ගෝඨාභයගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි මිලදී ගත්තේ කෙසේද නැත්නම් ගෝඨාභය එයාට දුන්නද මේක දේශපාලකයන්ගේ කලු සල්ලි සුදු කිරීමක් ද කියලා අපිට සැකයක් තිබෙනවා. ඒ වගේම පියුමි හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඉදිරි ඡන්ද වලට දේශපාලකයන් සල්ලි වියදම් කරන ආකාරය අපි බලන් ඉන්නවා. දේශපාලකයෝ කලු සල්ලි සුදු කරන්න නළු නිලියෝ යොදා ගන්නවා දැයි සැකයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය.”