2022 ජූලි 04, ප.ව. 9:02
මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධුරයට පත්කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය ලේකම් ලේකම් සමන් ඒකනායක මහතා මෙම පත්කිරීම කර තිබෙනවා.
අයි.ටී.එන් මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස ද කටයුතු කර ඇති ශානුක කරුණාරත්න මහතා යහපාලන රජය සමයේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී මාධ්‍ය ලේකම් ලෙස ද කටයුතු කළා.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයකු ලෙස මාධ්‍ය වෘත්තියට පිවිසි කරුණාරත්න මහතා පෞද්ගලික රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතන කිහිපයක ප්‍රවෘත්ති ප්‍රධානී සහ ප්‍රවෘත්ති සංස්කාරක තනතුරු දරා තිබෙනවා.
කෑගල්ල ශාන්ත මරියා විදුහලේ ආදි සිසුවකු වන ශානුක කරුණාරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ විශ්ව විද්‍යාල වල ජන සන්නිවේදනය සම්බන්ධයෙන් ඩිප්ලෝමාධාරියෙක්.
2026 ජනවාරි 12, ප.ව. 5:48
2026 ජනවාරි 12, ප.ව. 12:46
2026 ජනවාරි 12, ප.ව. 12:31
2026 ජනවාරි 12, ප.ව. 12:15
2026 ජනවාරි 12, පෙ.ව. 11:46