hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 02, ප.ව. 1:53



සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් දේශපාල පක්ෂ, සිවිල් සංවිධාන සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත විරෝධයට අවසර නොදෙන බව පොලිසිය ලිපියක් මගින් සියලු දේශපාලන පක්ෂවලට ලිපියක් මගින් දන්වා තිබෙනවා.

අද (02) පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාව ‍කොළඹ දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර ලබානොදෙන බවට පොලීසිය විසින් කළ දැනුම්දීමේ සඳහන්.

එමෙන්ම පොලිස් ආඥා පනතේ 80 වගන්තිය අනුව ශබ්ද විකාශන යන්ත්‍රයක් හෝ යන්ත්‍රානුසාරයෙන් ශබ්දය නිපදවන උපකරණ භාවිත කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අවසරය ලබාගත යුතු අතර එම විරෝධතාවයේදී එවැනි අවසරයක් ලබාගැනීමට කටයුතු කර නොමැති බව ලිපියෙන් පෙන්වාදී තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරි කේ.ඒ.ඊ.එන් දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය එහි සංවිධායකයනට යැවීමට පොලිසිය කටයුතු කර ඇතැයි වාර්තා වනවා.

මෙම විරෝධය නිසා කොළඹ සහ පිටකොටුව ප්‍රදේශයට තොග වෙළඳාම සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලට අවහිරයක් වන බව ද එම කටයුතු ප්‍රමාදවන බව ද පොලිසිය එම ලිපිය මගින් දන්වා තිබෙනවා. 

එම ලිපිය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: