hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 පෙබරවාරි 20, ප.ව. 1:29



අද (20) දිනය තුළ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විරෝධතා කිහිපයක් පවත්වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ සඳහා පොලිස් නිලධාරීන් සුදානමින් සිටින බව ඔහු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියා.

එනමුත් මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට හෝ පොදු දේපළවලට යම් හානියක් හෝ අවහිරයක් සිදුවන්නේ නම් අදාළ විරෝධතා පෙළපාලිවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පොලීසිය කිසිවිටෙකත් බාධා නොකරන නමුත් යම් පිරිසක් පවතින නීතියට එරෙහිව කටයුතු කරන්නේ ද එයට එරෙහිව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර සමගි ජන බලවේගය විසින් අද (20) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එහි සංවිධායකයින් 7 දෙනෙකු සහ ඊට සහභාගි වන තැනැත්තන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර පිටිය සහ ඒ ආශ්‍රිත මාර්ග කිහිපයකට අද පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ ඇතුළුවීමෙන් වළකින ලෙස අදාළ නියෝගයේ සඳහන්.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: