2023 ඔක්‍තෝබර් 17, ප.ව. 6:14
පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි 118 කෙටි දුරකථන අංකය හරහා සිදුකළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පවසන්නේ එම හදිසි ඇමතුම් අංකය මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා පවත්වාගෙන යනු ලබන බවය.
එම අංකය හරහා තොරතුරු දැනුම්දෙන්නාගේ අනන්‍යතාව දැනුම්දීමක් සිදුනොකර අදාළ තොරතුරු ලබාදීමට ද හැකියාව පවතී.
දිවයිනේ සිදුවන විවිධ අපරාධ, විෂ මත්ද්‍රව්‍ය වැනි තොරතුරු ද එම අංකය හරහා ලබාදිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඒ හරහා ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත වන බවය.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11