hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 28, පෙ.ව. 12:01



2024 වසර අවසන් වන විට වරාය අධිකාරිය ආශ්‍රිත රැකියා 20,000ක පමණ සංඛ්‍යාවක් උත්පාදනයට හැකිවන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවා.

මේ වන විට අදානිගේ සමාගම විසින්ද කොළඹ වරාය ජැටියේ වැඩ කටයුතු අවසන් කරමින් සිටින බවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 580ක වියදමින් ජැටියක් ඉදිකිරීම සිදු කෙරෙන බව ද ඔහු පෙන්වා දුන්නා.

මේ කටයුතු නිමාවීමෙන් පසුව වරායේම රැකියා 5,000ක් පමණ උත්පාදනය වන බවත් ඒ ආශ්‍රිතව ඍජු රැකියා 15,000ක් පමණ ‍උත්පාදනය වන බව පෙන්වා දුන් ඇමැතිවරයා පැවසුවේ එම සියලු රැකියා ඉහළ වැටුප් හා දීමනා ලබාගත හැකි පෞද්ගලික අංශය හරහා උත්පාදනය වන බවයි.

විශේෂයෙන්ම වරාය අධිකාරියද පසුගිය වසරේ රුපියල් බිලියන 90ක ආදායමක් උත්පාදනය කරගත් බවත් එයින් සේවක වැටුප්, රාජ්‍ය බදු හා මෙහෙයුම් ආදී සියලු වියදම් හැරුණු විට රුපියල් බිලියන 23ක් හෙවත් කෝටි 2300ක ශුද්ධ ලාභයක් උපයා ඇතැයි පැවසූ ඇමැතිවරයා මේ වන විට රාජ්‍ය හා පෞද්ගලික ජැටි අතර තරගයක් නිර්මාණය වී ඇතැයි ද රැකියා උත්පාදනය පෞද්ගලික අංශය හරහා ලබා ගැන්මේදී සේවකයන්ට වැඩි වාසි සැලසෙන බවත් පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: