hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 11, ප.ව. 10:04



දකුණු පළාතට විදුලිය ලබාදීමේ දී මතුව තිබුණු පෞද්ගලික තේ වත්තේ ප්‍රශ්නය අද (11) දින නිරාකරණය වී තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම විසින් පත්කළ සමථ මණ්ඩල කමිටුව ඉදිරියේදී යි එය සමථයකට පත්ව ඇත්තේ.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරීවරයා පවසන පරිදි හෙට දින එම විදුලි රැහැන් ඇදීම ආරම්භ කරන අතර දින හයක් තුළ එම කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇත.

කිසිදු වන්දි මුදලක් අය නොකර එම විදුලි රැහැන් විවාදයට තුඩුදුන් ආටිගල ඉඩමට ඉහළින් ගෙනයාමට අවසර ලබාදීමට සමථ මණ්ඩලයේදී ආටිගල පවුල එකඟතාව පළකර තිබෙනවා.

මෙතෙක් කාලයක් එම විදුලි රැහැන් පද්ධතිය ඇදීමට ආටිගල පවුලේ එකඟතාවය පළ නොකර ඇත්තේ ඒ සම්බන්ධයෙන් වූ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිවලට ගැටලුවක් වන හෙයින් බවට ඔවුන් පවසා තිබෙනවා.

ඕනෑම සංවර්ධන කටයුත්තක් කිරීමේදී යම් ක්‍රමවේදයක් ඇති අතර ඒ ක්‍රමවේදයට අනුව සිදුකළ යුතු බවත් අද දිනයේ ඒ සියලු ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වූ බවයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරන්නේ.