hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 16, පෙ.ව. 1:09



ඉදිරි මාස කිහිපයේ විදුලි කප්පාදුවක් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.

ඒ අනුව විදුලි කප්පාදුවකින් තොරව ජනතාවට අඛණ්‍ඩව විදුලිය ලබා දීමට සැලසුම් සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

”රජයක් වශයෙන් ගත යුතු තීන්දු තීරණ ගැනීමට අපි බිය වෙන්නේ නැහැ. විශේෂයෙන් අපි අඛණ්‍ඩ විදුලි සැපයුමක් අපි සහතික කරලා තියෙනවා පසුගිය පෙබරවාරි මාසයේ විදුලි බිල සංශෝධනයෙන් පස්සේ. ඒ නිසා අපි ඉදිරියට ත් කියන්න ඕනේ.ඔබ තමුන්නාසෙලට කිසියම් ආකාරයක විදුලි බලාගාරයක යම් ඇණ හිටීමක් එහෙම නැත්තම් හදිසි තත්ත්වයක් මිස මත අපි විදුලි කප්පාදුවක් කරන්න රජය හැටියට කිසිදු බලාපොරොත්තුවක් නැහැ.එහෙම අවදානමකුත් දැන් නැහැ කියන එක අපි මේ වෙලාවේ කියන්න ඕනේ. මොකද අමතර විදුලිය මිලදී ගැනීමත් සම්ප්‍රේෂණය කිරීම ත්, රැහැන් පද්ධති එකතු කිරීම ත් කියන කාරනා ඉෂ්ට වෙමින් පවතින නිසා ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: