hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 29, පෙ.ව. 2:28



ජල විදුලිය නිෂ්පාදනය සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 12 ක් දක්වා පහත බැස ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, පවතින නියං තත්ත්වයත් සමඟ ජලාශවල සක්‍රීය ජල මට්ටම පහළ බැසීම ඊට හේතුව වී ඇති බවයි.

ඉදිරි දිනවල දී සැළකිය යුතු වර්ෂාවක් නොලැබුණ හොත් තවත් සති තුනක් පමණක් ජල විදුලිය සැපයීමට හැකි බව සඳහන්.

තාප බාලාගාරවලින් සියයට 66 ක් සහ සූර්ය සහ සුළං බලයෙන් සියයට 11 ක් පමණ විදුලිය නිෂ්පාදන කටයුතු සිදු කෙරෙනවා.

මෙම තත්වය හේතුවෙන් විදුලිබල මණ්ඩලයට දිනකට රුපියල් කෝටි 90 ක පමණ අමතර මුදලක් වැයකිරීමට සිදුව ඇති බවයි, එම නිලධාරියා කියා සිටියේ.

පසුගිය වසරේ අගෝස්තු මස ජල විදුලියෙන් විදුලි අවශ්‍යතාවයෙන් සියයට 58 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති බව සඳහන්.

ඉදිරි දින කිහිපය තුළ වැසි නොලැබුණහොත් තත්ත්වය තවදුරටත් දරුණු වනු ඇති බව ද අදාළ නිලධාරියා පෙන්වා දෙනවා.

සියලුම ජල විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම් විශාල ලෙස පහළ ගොස් තිබෙනවා.

සමනලවැව ජලාශයේ සියයට 0.9 ක්, උඩවලව ජලාශයේ සියයට 0.6 ක්, කාසල්රී ජලාශයේ සියයට 30 ක්, මාවුස්සාකැලේ ජලාශයේ සියයට 32 ක්, වික්ටෝරියා ජලාශයේ සියයට 26.5 ක් සහ මොරගහකන්ද ජලාශයේ සියයට 13.5 ක් දක්වා සක්‍රීය ජල ධාරිතාව පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 19 වැනිදා සිට මොරගහකන්ද ජලාශයේ ජල විදුලිය නිෂ්පාදනය අත්හිටුවා ඇති බව වැඩිදුරටත් සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: