2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:13
ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතියේ ස්ථාවරභාවය මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, ඕනෑම මොහොතක ග්‍රාමීය ප්‍රදේශවලට පූර්ව දැනුම්දීමකින් තොරව විදුලි කප්පාදුවක් සිදුවීමේ ඉඩකඩ පවතින බවත් බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව අවධාරණය කර සිටී.
පද්ධතියේ ස්ථාවරභාවය පිළිබඳව ඇතැම් මාධ්‍ය ආයතන ගෙන යන වාර්තාකරණය විවේචනය කරන රලපනාව මහතා, වත්මන් ගැටලුව ජලය නොමැතිකම නොව, පද්ධතියේ උත්පාදන ධාරිතාව පිළිබඳ ගැටලුවක් බව පෙන්වා දෙයි. ජලාශවල ජල මට්ටම කුමක් වුවත්, පද්ධතියේ ස්ථාවරභාවය පවත්වා ගැනීම මේ වන විට අසීරු වී ඇති බව ඔහුගේ අදහසයි.
විදුලි පද්ධතියක ස්ථාවරභාවය සහතික කිරීම සඳහා පවතින ‘N-1’ නිර්ණායකය අනුව, පද්ධතියේ ඇති විශාලතම බලාගාරය හදිසියේ බිඳ වැටුණහොත් එය පියවා ගැනීමට හැකි වන පරිදි එම බලාගාරයේ ධාරිතාවට සමාන අතිරික්ත විදුලි ප්‍රමාණයක් සැමවිටම සංචිතයක් ලෙස තිබිය යුතුය.
මෙරට පද්ධතියේ විශාලතම බලාගාරය වන ‘සෝබාධනවි’ බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 320ක් වන අතර, අවම වශයෙන් එම ප්‍රමාණයේ සංචිතයක් පවත්වා ගත යුතුය. එහෙත් පසුගිය දින 11න් දින 5කදීම මෙම අවම අවශ්‍යතාව සපුරාලීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව ඔහු දත්ත සහිතව පෙන්වා දෙයි.
විදුලි ඉල්ලුම තවත් මෙගාවොට් 100කින් පමණ ඉහළ ගියහොත්, පද්ධතියේ සමස්ත බිඳ වැටීමක් වැළැක්වීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවලට පූර්ව දැනුම්දීමකින් හෝ නියාමන අවසරයකින් තොරව විදුලිය විසන්ධි කිරීමට ජාතික පද්ධති මෙහෙයුම් මැදිරිය කටයුතු කරනු ඇති බවට ද ඔහු අනතුරු අඟවයි.
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:22
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:15
05-08-26
05-08-26
25-07-26
25-07-26
08-07-26
08-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26
27-06-26
27-06-26
13-06-26
13-06-26
30-05-26
30-05-26
15-05-26
15-05-26
05-05-26
05-05-26
28-04-26
28-04-26
25-04-26
25-04-26