hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 26, පෙ.ව. 6:00



නොරොච්චෝල ගල් අගුරු විදුලි බලාගාරයේ අක්‍රියව ඇති විදුලි ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු වලින් පසු ලබන සඳුදා සිට එය යළි ක්‍රියාත්මක කළ හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව ඉන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 300ක විදුලියක් එක් වෙනවා.

මෙම විදුලි උත්පාදනයත් සමග දැනට සිදුකරන පැය 03ක දෛනික විදුලි කප්පාදුව ද අඩු වේයැය විදුලි බල මණ්ඩලය පවසයි.

මේ අතර අද (26) දිනයේ පැය 03ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැය 1යි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බවයි හජන උපයෝගීතා කොමිසම දක්වා ඇත්තේ.

එසේම CC කලාපය සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි මිනිත්තු 30කාලයක් විදුලි කප්පාදු කෙරෙනවා.

මේ අතර M,N,O,X,Y,Z, කලාප සඳහා පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: