hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 02, පෙ.ව. 6:30



පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව අද (02) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.

M, N, O, X, Y, Z කලාප සඳහා අලුයම 5.30ත් පෙරවරු 8.00ත් අතර පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබෙනවා.

මේ අතර CC කලාප සඳහා පෙරවරු 6.00ත් පෙරවරු 8.30ත් අතර පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.