hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 ජනවාරි 09, ප.ව. 8:06



පරිසර අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස බී. කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා එම අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩබාර ගනු ලැබුවා.

කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස සේවය කළ ඒ මහතාශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන අතර වසර 24 කට ආසන්න රාජ්‍ය සේවයේ කීර්තිමත් නිලධාරියකු ලෙස හෙතෙම කටයුතු කර තිබෙනවා.

කොළඹ ආනන්ද සහ බදුල්ල මහා විද්‍යාලයේ ආදී සිසුවෙකු වන ඒ මහතා 1998 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, 2008 දී ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කැලණිය විශ්ව විද්‍යාලයෙන්ද නීතිවේදී උපාධිය 2014 වර්ෂයේදී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන්ද ලබා 2017 වසරේ දී නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දී ඇත.

ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්, බියගම සහකාර ප්‍රාදේශීය ලේකම් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සහකාර ලේකම් / ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් යන තනතුරුද ඒ මහතා හොබවා ඇත.

විදේශ රටවල් කිහිපයක විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අත්දැකීම් ලබා ඇති ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්
“ප්‍රදීප ප්‍රණාම” සම්මානයද “ට්‍රාන්ස් ප්‍රේරන්ස් ඉන්ටර්නැෂනල් ” ආයතනයෙන් “සුපිලිපන්න රාජ්‍ය සේවක සම්මානය” ද දිනා ඇත.

පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල, විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානයක්කාර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.