hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 30, පෙ.ව. 4:31



පසුගිය දා ගිනිබත් වූ තම හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවස නිරීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහ ඔහුගේ පවුලේ ඥාතීන් එක්වුණා.

එම අවස්ථාවට එක්ව සිටි ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මන්ත්‍රීවරයාගේ ගිනි බත් වූ නිවස වෙනුවට නව නිවසක් සකස් කර දීමට පියවර ගන්නා බවයි.

නිවස යළි ගොඩනැගීමේ කටයුතු මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර ඒ වෙනුවෙක් මූල්‍ය හා ශ්‍රම දැයකත්වය ලබාදීමට මෙන්ම අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටියා.

ප්‍රකෝපකාරී වූ පිරිස් විසින් දේශපාලනඥයන්ගේ සහ ආධාරකරුවන්ගේ නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර තිබූ අතර එලෙස විනාශ වූ නිවසක් ජනතාව විසින්ම ඉදිරිපත් වී මෙලෙස යළි ගොඩනැගීම සිදු වන්නේ පළමුවරට බව ද වාර්තා වෙනවා.

මෙම අවස්ථාවට එක්ව සිටි පිරිස් පැවසුවේ ප්‍රසන්න රණවීර මහතාගේ නිවස ගොඩනගමින් ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතිය කණපිට හැරවීම සඳහා සමාජයටත්, රටටත් පූර්වාදර්ශයක් සැපයීමට තමන් සූදානම් බවයි.

ප්‍රසන්න රණවීර මහතා ජනතාව සමග සමීපව කටයුතු කරන අයකු නිසා ජනතාවගේ සහයෝගයෙන් නිවස ගොඩනැගෙන බවද ඔවුහු පැවසුවා.

අමාත්‍යවරයා සිය මුහුණු පොතේ මේ සම්බන්ධයෙන් සටහනක් ද එකතු කර තිබුණේ මෙලෙසයි.

මගේ දේශපාලන ජිවිතයේ අද වඩාත් සංවේදී දවසක්.

ගිනිතබා විනාශ කල මාගේ නිවස, ප්‍රදේශයේ සහ දිස්ත්‍රික්කයේ ජනතාව නැවත ගොඩනැගීමට ලෙන්ගතුව එකතුවීම මාගේ දේශපාලනයේ සමාජ අස්වැන්නක් කියලයි මම හිතන්නේ.

මට සදහා හිත එකග කරගැනීමට පවා දින කීපයක් ගතවුනා. ජනතාවගේ අපහසුතා පිළිබඳව මට හොද අවබෝධයක් තියෙනවා.

මම හම්බ කරපු ව්‍යාපාරික ප්‍රජාවක් නැහැ. මට ඉන්නේ හිතවත් මිනිස්සු පිරිසක්. ඔවුන් ස්වේච්ඡාවෙන් මේ සඳහා ඉදිරිපත්වීම පිළිබඳව දේශපාලඥයෙක් හැටියට මට තියෙන්නේ නිහතමානී සතුටක්.

මම විශ්වාස කරනවා මේ බැදීම මම දේශපාලනයේ තව තවත් ශක්තිමත් කරා කියලා. වගේම විශාල වගකීම් සහගත බවක් මට දැනෙනවා.

රටට, මගේ පන්තියේ මිනිස්සුන්ට මම හැමදාමත් සාධාරණය ඉටු කරන්න උත්සහ කර පොඩි මිනිහෙක්.

මගේ මේ නිවස ගොඩනැගුවේ මම දුක් මහන්සියෙන්, මගේ බිරිඳගේ, ඇගේ දෙමාපියන්ගේ කැප කිරීමෙන්. බව මගේ සමීප හිත මිතුරන් දන්නවා.

මගේ මිනිසුන්ගේ ඉදිරිපත්වීමට මම සදා ලෙන්ගතුයි.

ස්තුතියි සැමට.