hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 20, ප.ව. 5:13



කිසිදු කායික සබඳතාවයක් තොරව අවුරුදු 13ක් පමණ වයසැති බාල වයස්කාර දැරියක් ගැබ්ගැනීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතා ඊයේ (19දා) මාධ්‍ය වෙත සඳහන් කළ පරිදි මෙම දැරිය දින ගණනාවක් තිස්සේ බඩ රිදෙන බව පැවසීම නිසා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතට පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු ඇයට මාස දෙකක දරු ගැබක් පිහිටා ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳව දැරියගෙන් ප්‍රශ්න කර ඇතත් ඇය මේ පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් කර නැති අතර ඇයගේ මව්පියෝද දැරියගේ නිර්දෝෂි බව පොලිසියට පුන පුනා පවසා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරු සහ හෙට්ටිපොළ පොලිසිය ඊයේ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කළහ.

දැරිය කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඇය පරීක්ෂා කිරීමේදී කායික වශයෙන් එක්වීමක ලකුණු නැතැයි එහිදී අනාවරණය කරගෙන ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: