hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 12, පෙ.ව. 12:02



ලබන මස සිදුවීමට නියමිත විදුලි බිල අඩු කිරීමට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා.

ජනතාවට හැකි උපරිම සහන ලබා දීමට රජය වශයෙන් පියවර ගන්නා බවට මහනුවර දී අද කියා සිටියා.

ඔහු සිදු කල ප්‍රකාශය පහතින්,

“මින් ඉදිරියට ජල ගාස්තු සම්බන්ධයෙන් මිල සූත්රයක් හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා.මෙමගින් ජනතාව පීඩනයට පත් කිරීමට අපි කටයුතු කරන්නේ නෑ.ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් තමයි විදුලිය.ඉතින් විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අපි අඩු කරනවා.මේ වන විට ජනතාවට යම් ආර්ථික ගැටලු තිබුණත් ක්‍රම ක්‍රමයෙන් එම ගැටළු අඩුවේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: