hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 13, පෙ.ව. 12:03



QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදීම ඊයේ (12) සිදු වුණා.

NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින්  වෙළඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදු කෙරිණි.

මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළෙඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේදී එළිදක්වන ලද “දැක්ම ප්‍රකාශය” අනුව දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය UPI හඳුන්වාදී ඇත.

ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ගෙවීම් හඳුන්වාදීමත් සමඟ  LankaQR හරහා UPI ගනුදෙනු හඳුන්වාදීම සිදු කරන අතර දැනටමත් දේශීය ගනුදෙනු සඳහා වඩාත් සුදුසු ක්‍රමවේදයක් වන LankaQR මඟින් QR කේතයක ස්කෑන් කිරීමකින් සරලව ගෙවීම් සිදු කිරීමට හැකි බව ජනාධිපති කාර්යාලය සදහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව පුරා සිටින වෙළෙඳ ප්‍රජාවට ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා ඉන්දියානු සංචාරකයන්ට UPI සක්‍රිය ජංගම යෙදුම් බාධාවකින් තොරව භාවිතා කළ හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: