hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:02



පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් මේ වන විට ඉහළ යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ද ,මඟුරු ගඟ ආශ්‍රිත පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් ද ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම කුඩා ගඟ මිල්ලකන්දෙන් සහ ගිං ගඟ තවලම ප්‍රදේශයෙන්ද සුළු ගංවතුර තත්ත්වයක් මේ වන විට හටගෙන තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

මේ වනවිට අයහපත් කාලගුණයෙන් නිවාස 3කට පූර්ණ හානි සිදුව ඇති බවත් නිවාස 32කට අර්ධ හානි සිදුව තිබෙන බවත් ,පවුල් 55කට අයත් පුද්ගලයින් 222කට බලපෑම් සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: