hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2025 ජූලි 20, පෙ.ව. 1:03



අල්ලස් කොමිසම විසින් සිදුකර විමර්ශනයකට අදාළව චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරියේ දී අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් වනු ඇති බව ඔහුගේ පුත් චතුර සේනාරත්න පවසයි.

“අපේක්ෂිත ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප වීම පිළිබඳ නීතීඥවරුත් එක්ක කතා කරලා අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. සටනින් තොර ජයක් නැහැනෙ. ඒක හින්දා බය වෙන්න එපා.

මේ වගේ දේවල් වෙන්න වෙන්න මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නැගී සිටිනවා. අනාගතයේදී මේ දේශපාලන පරිවර්තන ඔබලාට ඔබලාගේ දෑස් ඉදිරිපිටම දැකගන්න පුළුවන් වෙයි.

තාත්තා අනිවාර්යයෙන්ම එනවා. එනවා වගේම ඉතිහාසය විසින් එතුමාව නිදොස්කොට නිදහස් කරයි කියලා එදාත් කිව්වා, අදත් කියනවා.”

චතුර සේනාරත්න මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: