2023 අගෝස්‍තු 29, ප.ව. 5:24
ජනාධිපතිවරයා විසින් ඉදිරි වසර සඳහා එල්පී ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් 50%ක් වර්තමාන සැපයුම්කරු වෙතින් සපයා ගැනීමට කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම වසරේ දෙසැම්බර් මස 31 වන දිනෙන් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත එල්පී ගෑස් මෙට්‍රික්ටොන් 280,000ක් සපයා ගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව අවසන් වීමට නියමිතයි.
මේ වන විට 2024-2025 කාලසීමාව සඳහා එල්පී ගෑස් සැපයීම සඳහා ලංසු කැඳවා තිබෙනවා.
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති අතර, නව ගිවිසුම්වලට එළැඹීම මඟින් ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට අහිතකර බලපෑම් ඇති වීමට ඉඩ ඇති බැවින් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිම වන තෙක් බාධාවකින් තොරව එල්පී ගෑස් සපයා ගැනීම සඳහා මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා.
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:27
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:27
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:19